ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රියාවලිය තුළ, අනෙක් විෂයන් හා සසඳන කල ගණිතය විෂයට ඇත්තේa අද්විතීය ස්‌ථානයකි. රැකියා අවස්‌ථාවන් තුළ ගණිතය විෂය සමත්වීම හා එය කුමන ශේ්‍රණියකින් යුතුව සමත් වූයේ ද යන්න ලැබෙන රැකියාව පිළිබඳ තීරණාත්මක සාධකයකි.
එසේම උසස් පෙළ භෞතීය විද්‍යා හා ජෛව විද්‍යා විෂය ධාරාවන් හැදැරීම සඳහා ගණිතය විෂය සම්මානයක් සහිතව සමත්වීම අවශ්‍යතාවක් වීම මෙයට හේතු වන්නට ඇත. එහෙත් අපොස (සා.පෙ) විෂයයන් හි සාධන ප්‍රතිඵල විශ්ලේෂණයන්ට අනුව ගණිතය විෂය සාධනය ඉදිරියෙන් සිටින්නේ ඉංගී්‍රසි විෂය සාධන ප්‍රතිඵලයන්ට පමණි. එබැවින් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ නිරූප්‍ය ගණිතය විෂයයෙහි, සැබෑ ස්‌වරූපය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
ගණිතය විෂය ව්‍යවහාර ලෝකයේ එසේත් නොමැති නම් එදිනෙදා ජීවිතය හා සහ සම්බන්ධව පවතී. විශේෂයෙන් පුද්ගලයකුගේ සෑම ක්‍රියාකාරකමක්‌ම ගණිතය හා සම්බන්ධව පවතී. නිදසුනක් ලෙස ඔහු උදයේ නැඟිටින්නේ වෙලාවටය. ඔහු දවස සැලසුම් කරනුයේ ගණිතයටයි. ඔහු උදයේ කෑම පිළියෙල කර ගැනීමට ද්‍රව්‍ය එකතු කරන්නේ ගණිතයටයි. ඔහු පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගන්නේ ගණිතයටයි. එසේම භෞතික ලෝකයේ අප නිපදවන ලද ද්‍රව්‍යයන්ට යොදා ඇත්තේ ගණිතයයි. නිවසකට අත්තිවාරම දමනුයේ ගණිතයෙනි. එය මත නිවහන ඉදිකිරීමට උපයෝගි වන්නේ ගණිතයයි. නිවසට අවශ්‍ය භාණ්‌ඩ සැකසීමට උපයෝගි කරගන්aනේa ගණිතයයි. නිදසුනක් ලෙස ගඩොල, ටයිල් කැටය, ශීතකරණය තැනීමට යොදාගෙන ඇත්තේ ගණිතයයි. මේ අනුව බලන කල ගණිතය විෂයෙහි ඇති සුවිශේෂත්වය, පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයෙහි විවිධ අවස්‌ථාවන් හිදී, විවිධ ආකාරයට යෙදී ඇති අපූරුව මැනවින් පෙනීයයි. අනෙක් අතර, සුවිශේෂව බලන කල සොබා දහමට ද ගණිතය සංකලනය වී ඇති අයුරු ද විචිත්‍රය. සමමිතිය, අසමමිතිය, ටෙසලාකරණය, සඳෙහි ඇති වෘත්තාකාර බව, නිදහස් අවකාශය, දියඇලි කඳු මුදුනින් පහළට කඩා හැලීම, කුරුල්ලකු පියාසැලීම ආදී සියල්ල ම සොබා දහම හා ගණිතයෙන් අපූරුවට ගොනුවී ඇත. ගණිතය හා පුද්ගලයා අතර ඇති සම්බන්ධතාව මේ ආකාර වනවිට ගණිතය ඉගෙනීම, මෙන්ම ඉගැන්වීම ද පහසු ක්‍රියාවලියක් විය යුතුය. එහෙත් එය එසේ නොවන බව 1 වසර සිට 11 වසර දක්‌වා වූ ගණිතය විෂයෙහි අවසන් කඩඉම, අපොස (සාපෙ) ගණිතය විෂයෙහි සාධනය විශ්ලේෂණයට අනුව පෙනී යයි.
මෙවන් වූ තත්ත්වයක් උද්ගත කිරීමට හේතුකාරක වී ඇත්තේ ගණිතය විෂයෙහි ඇති සුවිශේෂත්වයයි. එනම් තර්කානුකූල බුද්ධියයි. හොවාර්ඩ් ගාඩ්නර්ගේ (Howard Gardenerr) බහුවිධ බුද්ධි න්‍යායට (Multiple Inteligence Theory) අනුව මෙය තර්කානුකූල ගණිතමය බුද්ධියයි. (Logical Mathematical Integligence) මෙය පුද්ගලයාගෙන්a පුද්aගලයාට වෙනස් වේ. එසේම පුද්ගලයා යනු ආරය හා පරිසරයේ ශ්‍රිතයක් බව අපි දනිමු. එනම් පුද්ගලයාට තීරණ ගැනීමේ දී මෙන්ම ක්‍රියාත්මක වීමේ දී තමා, තම ආරයෙන් ගෙනා මෙන්ම තම පරිසරයෙන් ලබාගත් දෙයද බලපායි. මේ අනුව බලන කල පුද්ගලයෙක්, තවත් පුද්ගලයකුගෙන් වන වෙනස් වීම අප වටහාගත යුතුව ඇත.
ගණිතය යනු මනසේ සිදුවන ක්‍රියාවලියක් වන අතර ගණිතයෙහි ඇති බොහෝ සංකල්ප වියුක්‌ත වේ. ගණිතයේදී සිදු කරනුයේ ගැටලු විසඳීම සඳහා එම වියුක්‌ත මානසික සංකල්ප හැසිරවීමයි. එසේම එම විෂයේ අන්තර්ගත තවත් විශේෂ ලක්‍ෂණයක් වන්නේ එහි ඇති අනුක්‍රමාධිපත්‍යයයි. එනම් පියවරෙන් පියවරට ගණිතය ගොඩනැඟෙයි. එසේම ගණිතයෙහි එක් පියවරක්, එයට බැඳී ඇති තවත් පියවරකට සම්බන්ධ කරන්නේ තර්කානුකූල චින්තනයෙනි. එනම් පියවරෙන් පියවරට ගණිතය ගොඩනැඟෙන්නේ තර්කයෙනි.
ගණිතය විෂය 1 වසර සිට 13 දක්‌වා වූ අධ්‍යාපන ක්‍රියාවලියට කෙසේ දායක වී ඇත්දැයි සොයා බලන කල සාමාන්‍ය පෙළ ගණිතය විෂය සාධනය ඉහළ නැංවීම අරමුණු කොටගත් 2014 ගණිත කමිටු වාර්තාව, 6 වසර 11 වසර දක්‌වා වූ ගණිත විෂය ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කොට ඇත. මීට අමතරව ගණිතය විෂය සම්බන්ධයෙන් තවත් පියවරක් දැනට ක්‍රියාත්මකය. එය දක්‌වා ඇත්තේ, වර්තමානයේ සැමදෙනා විසින්ම ගණිතයක් ඉගෙන ගැනීමට සිදුව තිබීමේ තත්ත්වයට සුදුසු ප්‍රතිකාරය විසඳුමක් ලෙස 10 සහ 11 ශේ්‍රණිවල විෂය අන්තර්ගතයෙන් අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප (Essentiaal Learning Concepts) හඳුනාගෙන මෙම විෂය කොටස සිසුන් ළඟා කරගන්නේ ද යන්න පරීක්‍ෂා කිරීම 2016 වර්ෂයේදී හඳුන්වා දෙනු ලබන අ.පො.ස. (සා.පෙ.) විභාගයෙහි 2 වැනි පත්‍රය මගින් සිදු කිරීමට නියමිත බවයි.
ගණිතය විෂය අධ්‍යක්‍ෂවරුන්, ගණිත ගුරු උපදේශකවරුන් සහ සූසාධ්‍යකාරකයන් දැනුවත් කිරීම (2016) යන වාර්තාවෙහි දැක්‌වෙන්නේ අ.පො.ස. (උ.පෙ) කුමන හෝ විෂය ධාරාවක් ඔස්‌සේ හැදෑරීමෙහි සිහිනය යථාර්ථයක් බවට පත් කර ගතහැක්‌කේ මෙම අනිවාර්ය වූ ගණිතය විෂය සමත්වීම මත බැවින් අ.පො.ස. (උ. පෙළ) කලා හෝ වාණිජ විෂය ධාරාවන් ඔස්‌සේ හැදෑරීමට උනන්දුව මෙන්ම හැකියාව ඇති දරුවාට අ.පො.ස. (සා. පෙළ) ගණිතය විෂය අසමත් වීමෙන් පාසල් පද්ධතිය හැර යැමට සිදුවන නිසා මීට පිළියමක් ලෙසින් ඉහත ආකාර වූ වෙනසක් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත බවයි.
එහෙත් ගණිතය විෂයය පිළිබඳව සැබෑ යථාර්ථය වනුයේ අ.පො.ස. (සා.පෙ.) විභාගයේ අනෙකුත් විෂයයන්ගේ සමත් ලකුණ හා සසඳන කල ගණිතය විෂයයේ සමත් ලකුණ 40 නොව ඊට වඩා පහල මට්‌ටමක පවතින බවයි. මීට අනුව ගණිතය විෂයයේ සාධන මට්‌ටම ලෙස අප දකිනුයේ ඊට වඩා අඩු ලකුණු මට්‌ටමකි.
කෙලෙස වෙතත් වසර කිහිපයක් තුළ ගණිතය විෂය කෙරෙහි අවධානය යොමු වීම ප්‍රශංසාවට ලක්‌විය යුත්තකි. එහෙත් මෙහිදී ගණිතය විෂයෙහි අන්තර්ගත සුවිශේෂත්වය විශේෂ අවධානයට ලක් විය යුතුය. මෙහිදී ගණිතය විෂය හා ගණිත අධ්‍යාපනය තුළ ඇති වෙනස දැකිය යුතුය. එනම් ගණිතය විෂය එහි ඇති සුවිශේෂ ගුණාංග ප්‍රකට කරන අතර ගණිත අධ්‍යාපනය, නිරන්තරයෙන් ගණිතය ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය හා බැඳී පවතින්නකි. එසේම ගණිතය නිරන්තරයෙන් පර්යේෂණාත්මක විය යුතුය. බහුතරයක් වන ගණිත සංකල්ප වියුක්‌ත වන අතර ඒවා නිරූපණය වන්නේ මනසේයි. ඊට සමගාමීව බොහෝ ගණිත ගැටලු මනසින්ම විසඳිය යුතුව ඇත. නිදසුනක් ලෙස ශුද්ධ ගණිතය ගොඩනඟනුයේ මනස තුළයි. එසේම මනසින් සිදු කෙරෙන ගණිත ක්‍රියාවලියන් එනම් සමීකරණ, න්‍යාය අපූරුවට ප්‍රායෝගිකත්වය හා ගැළපේ. එබැවින් නිරන්තරයෙන් ගණිතය පර්යේෂණාත්මක විෂයකි. එය ගවේෂණාත්මකය. එය ගණිතය විෂයයේ ඇති සුවිශේෂීත්වයයි. ගණිතයේ ඇති සුවිශේෂත්වය හඳුනා ගන්නවා විනා පාසල් ගණිතය යෑයි කොටසක් කඩා වෙන්කර ගතහැකි නොවේ.
වර්තමානයේ අප රටේ අධ්‍යාපන ක්‍රමය නිරන්තරයෙන් වෙනස්‌වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ 1AB (අපොස උ.පෙ. විද්‍යා විෂය ධාරාව සහිත පාසල්) 1C (අපොස උ.පෙ. කලා හා වාණිජ විෂය ධාරාව සහිත පාසල්), 2 (1 වසර සිට 11 වසර දක්‌වා වන පාසල්), 3 (1 වසර සිට 5 වසර දක්‌වා වන ප්‍රාථමික පාසල්) මෙන්ම ජාත්‍යන්තර පාසල්, ශ්‍රී ලංකාවේ විෂය නිර්දේශය ඉංගී්‍රසි මාධ්‍යයෙන් උගන්වන පෞද්ගලික පාසල්, පිරිවෙන් හා ආගමික පාසල්වලින් සමන්විතය.
එසේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, මෙරට පිහිටුවා ඇති විදේශය විශ්වවිද්‍යාල, මෙරට සිට වෙනත් රටවල්වල විශ්වවිද්‍යාලයන්හි උපාධි හැදෑරීම, මෙරට පියවර කිහිපයක් අධ්‍යාපනය අවසන් කර ඉතිරි පියවර සඳහා වෙනත්a විශ්වවිද්‍යාලවලට යැම, අන්තර්ජාලය හරහා උපාධි ලැබීම (online - University) ආදී වශයෙන් වූ ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍රියාවලිය අතිශයින් සංකීර්ණ වූවකි. විශේෂයෙන් සන්නිවේදනය මගින් ලෝකය හකුළුවා අප විශ්වග්‍රාමය තුළ රඳවා තබා ඇත. එබැවින් කරන ප්‍රතිසංස්‌කරණයන්a අප හුදකලා නොවන්නක් මෙන්ම ඵලදායී විය යුතුය. ඉලක්‌කම්, සංකේත, න්‍යාය, රටා ඇසුරු කොට ගෙන ඉපදී ඇති ගණිතය ද විශ්වයේ කවර තැනකට වුවද සත්‍යයක් වේ.
එසේම ගණිතය විෂය අනුක්‍රමාධිපත්‍යය රකින්නක් බැවින් ප්‍රාථමික හා ද්විතියික සංකල්ප ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිසුන්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු විය යුතුය. මන්දයත් ද්විතියික ගණිත සංකල්ප ගොඩනැඟෙනුයේ ප්‍රාථමික ගණිත සංකල්ප මත බැවිනි. යම් සිසුවකුට ප්‍රාථමික ගණිත සංකල්ප අවබෝධ වූයේ නැතිනම්, එතැනින් එහාට එම පාඩම අවබෝධ වන්නේ නැත. එබැවින් ගණිතය ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්‌තිමත් විය යුතුය. සංකල්ප අවබෝධය ගණිතයේදී වැදගත් වන බැවින් ගණිතය විෂය උසස් පෙළ හැදෑරූ අය මගින්ම ගණිතය විෂය ඉගැන්වීමේ කාර්යය ඉටු කර ගැනීමට උත්සාහ කළ යුතුය එසේම ගණිතය ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරුන්ට, එම විෂය ඔස්‌සේම දැනුවත්වීමට, පර්යේෂණයන්ට අවකාශ සැලසිය යුතුය.
හොවාර්ඩ් ගාඩ්නර්ට (Howard Gardener) අනුව එකිනෙකාගේ ගණිත බුද්ධිය වෙනස්‌ය. එසේම සුභග සිසුන් (Gifted) ගණයට බොහෝ විට වැටෙන්නේ ගණිත බුද්ධියෙන් වැඩි අයයි. ගණිතය විෂය ආශ්‍රිතව හෙළිවන්නේ සමහර සිසුන් ගුරුවරුන්ගේ ආධාරයකින් තොරව තමාගේ ක්‍රමයන්ට ගණිත ගැටලු විසඳන බවයි. එසේම තමාම ගණිතය විෂය ඉගෙන ගන්නා බවයි. එනම් ගණිත ගැටලු විසඳීමෙන් තමන් ලබන තෘප්තිය හේතු කොට ගෙන ඔවුන් ස්‌වයං පෙළැඹීමෙන්ම (Self - motivation) ගණිත ගැටලු සොයාගෙන විසඳන බවයි. ඔවුන් සුභග ශිෂ්‍යයන් ගණයට වැටෙයි. අපගේ පංති කාමර ඉගෙනුම් ක්‍රියාවලිය සුභග ළමුන් සඳහා විවෘත වී නොමැත. පෙළපතෙහි ගැටලු විස» පසු වෙනත් ගැටලු විසඳීමට අවස්‌ථා ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ඇති කළ යුතුය.
විශේෂයෙන් ගණිත සාධන මට්‌ටම වැඩි සිසුවාට තමා විසින්ම ගණිත ගැටලු විසඳමින්, එම කාර්යයේ යෙදීමට අවකාශය පංති කාමර වාතාවරණය (Classroom Climate) තුළ සැලසිය යුතුය. නැතහොත් ඔවුන්ට ඉගෙනුම් ක්‍රියාවලිය නීරස විය හැකිය. තර්කානුකූල චින්තනය, නිර්මාණශීලී චින්තනය වර්ධනය කරන බැවින්, ගවේෂණාත්මක මාර්ගයක, සිසුන්ට හැකිතාක් නිදහසේ ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදීමට ඉඩකඩ සැලසිය යුතුය. ගණිත ගුරුවරයාගේ දැනුවත් බව මෙන්ම පරිණත බව ඉහත කී අවස්‌ථාවන් ගණිතය ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ජනිත කර ලීමට සෘජුවම හේතු වේ. මෙවන් වූ තත්ත්වයක් මිස අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප (Essential Learning Concepts) කිහිපයකට පමණක් සිසුන් කොටු කර යුතු නොවේ.
එසේම ඉගෙනීමේදී සිදුවන්නේ පුහුණු මාරුවයි. එනම් කවදා, කොතැනක දී හෝ උගත් දෙයක් වෙනත් අවස්‌ථාවකදී උපයෝගි වීමයි. එසේ තමා උගත් දෙයක්, වෙනත් අවස්‌ථාවකදී උපයෝගි කර ගැනීමට පුද්ගලයකුගේ හැකියාව (ability) මෙන්ම බුද්ධිය (Intelligence) ද බලපායි. හැකියාව මෙන්ම බුද්ධියද විචල්‍යයන් වන බැවින් zසැමට ගණිතය) වැනි පටු සීමාවන්ට කොටු විය යුතු නොවේ. ගුරුවරයා කළයුත්තේ, සිසුවාට දුෂ්කර කුමක්‌ද, එම අවස්‌ථාව විස¹ ගැනීමට උදව් කිරීමයි.
ලොවෙහිම සම්භාවනාවට පත් වූ හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්, කුඩා කල තනියෙන්ම යුක්‌ලීඩ් ජ්‍යාමිතිය ඉගෙනගත්තෙකි. පසුකලෙක ඔහු වෙනත් ඇමරිකන් පුරවැසියන්ට වෙනස්‌ව, චින්තනය මෙහෙයවා විවිධ වූ ක්‍රියාකාරකම් සිදු කොට මරණින් මතුත් ලෝකයේ ම ජනාදරයට පත්ව සිටී. මෙලෙස ක්‍රියා කිරීමට, නිදහස්‌ව සිටීමට පුහුණු කළ තර්කානුකූල චින්නතය පුහුණු මාරුවක් ලෙස බලපාන්නට ඇත.
මේ වනවිට ගණිතය, විද්‍යාව වැනි විෂයයන්ගේ සාධනය ලෝකයේ අනෙක් රටවලට සාපේක්‍ෂව සොයා බැලීමට බොහෝ රටවල් එක්‌වී සිටියි. එනම් TIMSS (Trends in International Mathematics and Science Study) පරීක්‍ෂණයට තම සිසුන් සහභාගි කරවා සාධන මට්‌ටම පරීක්‍ෂා කරයි. මෙහිදී TIMSS (International Association for the Evaluation of Educational Achievement) ආයතනයේ අරමුණ වන්නේ සිසුන්ගේ සාධන මට්‌ටම සැසඳීම මෙන්ම වඩාත් ඵලදායී අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමයි. වසර 4 න් 4 ට 4 වසර හා 8 වසර සිසුන් සඳහා මෙම පරීක්‍ෂණය පැවැත්වෙයි. ශ්‍රී ලංකාව ද මෙහි ඵල නෙළා ගන්නා රටකි. කොළඹ විශ්වවිද්‍යාලයේ NEREC ආයතනය ගණිතය විෂය සඳහා අනුහුරු ප්‍රශ්න පත්‍රයක් සකසා මෙම අධ්‍යයනයට සහභාගි වී ඇත. එහෙත් ජාත්‍යන්තර මට්‌ටමේ පවතින විභාගයේ ම ප්‍රශ්නපත්‍ර අපගේ සිසුන්ට ලබාදීම, එම ගණිත විෂය අන්තර්ගතය, විෂය නිර්දේශයට එක් කර ගැනීම වඩාත් සුදුසු වේ. මන්දයත් සංවර්ධිත මෙන්ම බොහෝ විට සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ රටවල අධ්‍යාපන පර්යේෂණයන්ගෙන් හෙළිවන අනාවරණයන් සෘජුවම තම අධ්‍යාපන ක්‍රමයට එක්‌කරන බැවිනි. විශේෂයෙන් චීනය, තුර්කිය, සිංගප්පූරුව වැනි රටවල් ප්‍රාථමික අධ්‍යාපන විෂය අන්තර්ගතයේ ගණිතය, විද්‍යාව වැනි විෂයයන්වලට වැඩි අවකාශයක් සලසා ඇත.
එසේම සංවර්ධිත ලෝකය මෙන්ම පාසල වැඩ ලෝකය සමඟ එක්‌කළ යුතුව ඇත. එවිට විශ්වවිද්‍යාලයෙන් පිටවන්නන්, සමාජයේ රැකියා අවස්‌ථා නොවීම මෙන්ම සියලු දෙනාටම ගුරු සේවය විවෘත කරලීම අවශ්‍ය නොවේ.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පාසලක ළමයින්ගේ සාධක මට්‌ටම ප්‍රථම ව්‍යාප්තියක් (Normal Curve) ලෙස ඇතැයි සලකනු ලැබේ. එහෙත් ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල ළමයින් සාධන මට්‌ටම අනුව වර්ගීකරණය කොට 6 වසර සිට ඉගෙනුම ලැබීමට සලස්‌වා තිබේ. විශේෂයෙන්ම විශ්වය ග්‍රාමයක් වී අප අතරට පැමිණි මෙවන් මොහොතක, ගණිතය වැනි විශ්වීය විෂයක්, අත්‍යාවශ්‍ය ඉගෙනුම් සංකල්පයන්ට (Essential Learning Concepts) කොටු කර ලීම අවශ්‍ය දැයි අවධානයට ලක්‌විය යුතුය. විකල්පයක් ලෙස ගණිතය, විද්‍යා වැනි විෂය ධාරාවන් හදාරන්නට බලාපොරොත්තු වන සිසුන් සඳහා වෙනත් ගණිත ප්‍රශ්න පත්‍රයක් සැකසීම සුදුසු විය හැකිය.
විශේෂයෙන් අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප වාර්තාව (2016) හි 4 හි සඳහන් "පළමුවැනි පත්‍රයෙහි (පැය දෙකක කාලය) අන්තර්ගත වනු ඇත්තේ විෂය නිර්දේශයෙහි අර්ථ දැක්‌වූ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප අයත් ව්‍යqහගත ප්‍රශ්න සහ කෙටි පිළිතුරු සහිත ප්‍රශ්න පමණි. එය සියලු විභාග අපේක්‍ෂකයන්ගේ හැකියා පරාසය තුළට වැටෙන අතර අවසාන ප්‍රතිඵලයෙන් 50% කට දායක වේ." යන්න කෙරෙහි අවධානය යොමු විය යුතුය. මෙහිදී ගණිතයත්, ගණිත අධ්‍යාපනයත් යන්න දෙකක් බව නැවතත් අවධාරණය කළ යුතුය.
ගණිතය විෂය ඉගැන්වීමේදී මනෝ විද්‍යා, සිද්ධාන්ත, ගණිත අධ්‍යාපනය පිළිබඳ ලොවෙහි කෙරී ඇති පර්යේෂණ අනාවරණයන්, ගණිතය ඉගැන්වීමේ ක්‍රමවේද, අදට මෙන්ම අනාගතයට ගණිතය අන්තර්ගතය කෙරෙහි පුළුල් අවධානය යොමු විය යුතුය. ගණිතය, අධ්‍යාපන ක්‍රියාවලිය හා ගලපාලීම ඒ පිළිබඳව ම පර්යේෂණයන් කෙරූ අයගේ සහභාගිත්වයෙන් විය යුතුව ඇත. විශේෂයෙන්ම නවීන ලෝකයෙහි ගණිතය විෂය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. නවීන ලෝකයට අවශ්‍ය ඉගෙනුම් සංකල්ප කෙරෙහි අවධානය යොමු විය යුතුව ඇත.
සන්ධ්‍යා මිරිහාන
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පස්‌දුන්රට ජාතික අධ්‍යාපන විද්යාපීඨයගණිතය කවුරුන් සඳහා ද?